Monday, February 17, 2014

එල්ලේ යනු

එල්ලේ යනු ශ්‍රි ලංකාවට පමණක් ආවේනික පිත්තෙන් පන්දුවට පහරදෙන කණ්ඩායම් ක්‍රීඩාවකි.
පිත්ත සහ පන්දුවත් අතර පිල් දෙකක් වශයෙන් ක්‍රීඩකයින් දහසය(16) දෙනකුද අතිරේක ක්‍රිඩකයින් හතර (04) දෙනකු ඇතුලත් ක්‍රීබාවකි.මෙම ක්‍රීඩාව ලොව වැඩිම ක්‍රිඩක සංඛයාවක් ඇතුලත් වූ ක්‍රීඩාව වශයෙන් හැදින්විය හැක.ඉතාමත් උද්වේගකාරවුත් තරගකාරිවුත් තරග රටාවක් ගන්නා එල්ලේ ක්‍රිඩාවේ සැම තරගයක්මමහත් කුතුහලයකින් නැරඹිමට හැකියාවක් ලැබෙන අතරම ගම් පලාතේ මෙන්ම කණ්ඩායම් අතර එකමුතුකම වර්ධනය කරගැනිම මෙම තරගයන්හි මුලික අරමුණ ඇතිව අතිත මුතුන්මිත්තන් විසින් ආරම්භකර ඇති ක්‍රිඩාවකි.
පටුන
·         රීති
ක්‍රීඩාවේ ඉතිහාසය[සංස්කරණය]
කවදා, කොතනකදි,කවුරැන් විසින් ආරම්භයට මුල පුරා ඇත්දැයි සදහන්ව නැතත් ශ්‍රී ලංකාවේ ඈත අතීත මුතුන් මිත්තන්ගේ ආභාෂය මත ඔවුන් විසින් ආරම්භ කරන ලද ක්‍රීඩාවක් වශයෙන් හදුන්වා දීමට හැකියාවක් ඇත.එය ශ්‍රී ලාංකීය ඈත අතිත මුතුන් මිත්තන් විසින් ලොවට දායාද කරන ලද තවත් එක් දායාදයකි.කෘෂිකර්මාන්තයෙන් දිවිපෙවත ගෙවා දමන ලද ගොවි ජනතාව,මුහුද අසබඩ ජිවත් වූ ධිවර ජනතාව මෙන්ම සාමාන්‍ය ලෙස තම දිවි පෙවත ගෙනයන ලද නාගරික සාමාන්‍ය පන්තියේ ජනතාවත් තම තමන්ගේ විවේක කාලය ගත කිරිම සදහා විනෝද ජනක ක්‍රිඩාවක් ලෙස ඇත අතීත කාලයේදි පවත්වන ලදී.
කෘෂිකර්මාන්තයෙන් දිවිපෙවත ගෙවා දමන ලද ගොවි ජනතාව තම අස්වනු නෙලා ගන්නා ලද කාලසිමාවෙන් පසුව ඊලග කන්නයේ කුඹුරැ යලි අස්වද්න තෙක් ලැබෙනන්නාවු විවේක කාලය තම බිරින්දැ වරැන් දුවා දරැවන් ඥාතිමිත්‍රාදීන් මෙන්ම අසල්වැසි ගම්වැසියන් සමග සහයෝගයෙන් දිවිපෙවෙත ගත කිරිම සදහා මෙම ක්‍රිඩාව උපයෝගි කර ගන්නා ලද බව පැරැන්නන් විසින් පවසන්‍ර අප අසා ඇත්තෙමු..

එසේම අස්වැන්න නෙලා ගැනීමෙන් අනතුරැව වෙල්යාය තුල එකමුතුව එල්ලේ ක්‍රිඩා කරනු ලබන අතර එම කණ්ඩායම සදහා කාන්තාවන් ලමයින් මෙන්ම තම තමන් ඥාතින්ද එකමුතව කණ්ඩායම් කිහිපයක් සාදා ගැනිමෙන් අනතුරැව තරගයන් පැවැත්විම කරනු ලබයි. මෙසේ කණ්ඩායම් වශයෙන් තරගයන් පැවැත්නෙ අතර තුරදි රසවත් ආහාර පානයන් එක් එක් පවුල් වලින් රැගෙන විත් සියල්ලන් එකමුතුව එම රසවත් ආහාරයන්ගේ රසවිද ගනිති.ජය පරාජය කාට හිමි වුවද එය සතුටින් විද දරාගැනිමට හුරැපුරැදු වි ඇත.එසේ ගම තුල සෑදුන කණ්ඩායම් අතරින් දක්ෂතම කණ්ඩායම පිලිගනිමින් උත්සවයන්ද සංවිධානය කර ඇත.සියලුම කණ්ඩායම්හි සිටින දක්ෂ තරැණ කොටස් එකමුතු කරමින් එම ගම්මානය තුල එල්ලේ කණ්ඩායමක් සකස් කර ගැනීමද දක්ෂතම තරැණ ක්‍රීඩකයා කණ්ඩායම් නායකයා වශයෙන් නම් කිරිමෙන් අනතුරැව අසල්වැසි ගම්මානයන්හි මෙම ආකාරයටම සාදාගන්නා ලද කණ්ඩායම සමග තරගයන් පැවැත්විමට කටයුතු කරනු ඇත.එසේ තරගයන් පවත්වනු ලබන්නේ අසල්වැසි ගම්මානයන් සමග එකමුතුව වැඩ කිරිමේ අදහස පෙරදැරි කරගෙනය.මෙම ක්‍රමය 1960 - 1980 දක්වා පැවති අතර එය ක්‍රමක් ක්‍රමයෙන් හින වි ගොස් ඇතත් වර්ථමානයේ පවා කුඹුරැ අස්වනු නෙලාගන්නා කාලයට තරැණ කොටස් එකමුතුව පැරණි මුතුන් මිත්තන් අනුගමනය තරමින් එල්ලේ තරග පවත්වනු සැම ශ්‍රි ලාංකිකයෙකුම දැක ඇත.එහෙත් එය එදා මෙන් නොවිම විශේෂත්වයකි.
එල්ලේ ක්‍රීඩාවේ ගුනාංගයන් [සංස්කරණය]
·         එල්ලය බලා වේගයෙන් පහර එල්ල කිරිමේ හැකියාව.
·         ඉතා ඉහලින් එන උඩපන්දුවක් නිවරදි ලෙස රැක ගැනීමේ හැකියාව.
·         පොළවට සමාන්තරව සහ වේගයෙන් බිම දිගේ එන පන්දුවක් නිවරදි ලෙස රැක ගැනීම හැකියාව.
·         ඉතා දුරක සිට කඩඉම් දක්වා ප්‍රදේශයට පන්දුව නිවරදිව යොමු කිරිමට ඇති හැකියාව.
·         වේගයෙන් ධාවනයේ යෙදීමේ හැකියාව.
·         ධාවනයේ යෙදෙන ක්‍රීඩකයෙකුහට පන්දුවෙන් නිවරදිව එල්ලයට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව.
·         ධාවනයේ යෙදෙන අවශ්ථාවකදී විරැද්ධ පිලෙන් එල්ල කරනු ලබන ප්‍රහාරයෙන් බේරි වටයක් ලබා ගැනිමට ඇති හැකියාව.

එල්ලේ තරග මාදිලි[සංස්කරණය]
1.    එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ එල්ලේ තරග.
2.    එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ එල්ලේ තරග.
3.    එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
4.    එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
5.    එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ එල්ලේ තරග.
6.    එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට(40) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග
7.    එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට(40) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග.
8.    එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන පන්දු හතලිහකට අඩු(40ට අඩු) සිමාවු සීමිත පන්දුවාර එල්ලේ තරග.එහෙත් මෙම තරග පන්දුවාර පහලොවකට (15) වඩා අඩුකරමින් පැවැත්විම නොකල යුතුය.
ක්‍රීඩා පිටි[සංස්කරණය]
එල්ලේ ක්‍රඩකයෙකුගේ මූලික අරමුණ සහ ඔහු පුරැදු පුහුණු වන්නේ බෝලයට එල්ලය බලා වේගයෙන් ප්‍රහාරයක් එල්ල කොට ඉතා ඈතකට පන්දුව යැවීමට සලස්වා වටයක් ලබා ගැනිම බැවින්ද,ක්‍රිඩකයින් දහසය දෙනකු පන්දු පිටියේ පන්දු රැකීමට නියමිත බැවින් සහ වටයක් ලබා ගැනීම සදහා අඩි දෙසීය විස්සක වට ප්‍රමාණයක් සම්පූර්ණ කලයුතු බැවින් එල්ලේ ක්‍රීඩා කිරිම සදහා මීටර් දෙසීය පනහත්(250)මීටර් තුන්සියයක(300)පමණ වන විවෘත ක්‍රීඩා පිටියක් ඉතා යෝග්‍ය වන්නේය.
එහෙත් ඉඩ පහසුකම් එල්ලේ ක්‍රිඩාවට නොමැති බැවින්ද,සෑම දිස්ත්‍රික්කයකම පාහේ එල්ලේ කණ්ඩායම් බිහිවී ඇති බැවින්ද විවෘත නොවු කුඩා ක්‍රිඩාංගනයන් තුලදී එල්ලේ ක්‍රීඩා කිරිම කරනු ලබතත් එම ක්‍රිඩාංගනයන්හිදී පවත්වන තරගයන්හි නියමාකාරයෙන් දක්ෂ ක්‍රිඩකයෙකු සොයා ගැනිමට අපහසු වනවා මෙන්ම දක්‍රෂ ක්‍රිඩකයින් බිහි නොවීමටද බොහෝ දුරට ඉඩ ඇත.
එබැවින් එල්ලේ ක්‍රීඩා කිරිමට ඉතා යෝග්‍ය වන්නේ මීටර් දෙසීය පනහත්(250)මීටර් තුන්සියයක(300)පමණ වන විවෘත ක්‍රීඩා පිටියකි.
ක්‍රීඩා පිටිය සකස්කර ගන්නා ආකාරය[සංස්කරණය]
ප්‍රධාන තරගයන් සදහා[සංස්කරණය]
·         දැවුම් කණු දෙක අතර දුර ප්‍රමාණය මීටර් විසිහතරක්(මීටර් 24 )විය යුතුය.එම දුර ප්‍රමාණය පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සුදු පාටින් සලකුණු කල යුතුය.
·         දැවුම් කනුවක උස පොළව මට්ටමේ සිට මීටර් දහයක්(10) විය යුතුයි.
·         දැවුම් කණු දෙක හරි මැද පන්දුවට පහර දෙන්නාට පන්දුවට පහර එල්ල කිරිමට අඩ කවයක් තිබිය යුතු අතර එම අඩ කවයේ හරි මැද සිට විශ්කම්භය මීටර් එකහමාරක්(මීටර් 1.5 ක්)එක් පැත්තකට විය යුතුය.එම දුර ප්‍රමාණය හා අඩකවය පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සුදු පාටින් සලකුණු කල යුතුය.
·         පන්දුවට පහර දෙන්නා ස්ථාන ගතව පහර දෙනු ලබන අඩකවයේ හරි මැද සිට වම්පස දැවුම් කනුව දක්වා මීටර් දොළහක්(මීටර් 12 )ක් විය යුතුය.එසේම දකුණු පස දැවුම් කණුවටද අඩකවයේ හරි මැද සිට මීටර් දොළහක්(මීටර් 12 )ක් විය යුතුය.එම දුර ප්‍රමාණය පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සුදු පාටින් සලකුණු කල යුතුය.
·         පන්දුවට පහර දෙන්නා පන්දුවට පහර එල්ල කරන අඩකවයේ හරි මැද සිට පන්දුව යොමු කරන්නා අතර දුර ප්‍රමානය මීටර් දොළහක්(මීටර් 12)කි.එම ස්ථානය අඩි එකහමාරක වට රව්මක් ඇද එයද පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සලකුණු කල යුතුය.
·         පන්දුව එවන්නාගේ වටරවුමේ හරි මැද සිට පළමුවන නැවතුමේ පිටත සිටුවා ඇති කොඩි කණුවේ පොළව මට්ටමට දුර ප්‍රමාණය මීටර් දොළහකි (මීටර්12)කි.එම කොඩි කණුවේ පොළව මට්ටමේ සිට පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයාගේ දකුණු අත දැවුම් කනුව දක්වා වූ දුර ප්‍රමානයද මීටර් දොළහකි(මීටර්12)කි.එම රේඛාවද පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සලකුණු කල යුතුය.
·         පන්දුව එවන්නාගේ වටරවුමේ හරි මැද සිට දෙවන නැවතුමේ පිටත සිටුවා ඇති කොඩි කණුවේ පොළව මට්ටමට දුර ප්‍රමාණය(මීටර් 12 )කි.එම රේඛාව පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සලකුණු නොකල යුතුය.එසේම එම කොඩි කණුවේ පොළව මට්ටමේ සිට පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා සිටින අඩකවයේ හරි මැදට දුර ප්‍රමානය මීටර් විසිහතර(මීටර් 24)කි.එම මිටර් විසිහතරක දුර ප්‍රමාණයෙන් අළුහුණු යොදා දර්ශනය වන පරිදි සකස් කල යුත්තේ පන්දුවට පහර දෙන්නා පන්දුවට පහර එල්ල කරන අඩකවයේ හරි මැද සිට පන්දුව යොමු කරන්නා අතර දුර ප්‍රමානයවු මිටර් දොළහක(මීටර් 12)ප්‍රමානය පමණි.
·         පන්දුව එවන්නාගේ වටරවුමේ හරි මැද සිට තෙවන නැවතුමේ පිටත සිටුවා ඇති කොඩි කණුවේ පොළව මට්ටමට දුර ප්‍රමාණය මීටර් දොළහකි(මීටර් 12)කි.එම කොඩි කණුවේ පොළව මට්ටමේ සිට පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයාගේ වම් අත දැවුම් කනුව දක්වා වූ දුර ප්‍රමානයද මීටර් දොළහකි(මීටර්12)කි.එම රේඛාවද පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සලකුණු කල යුතුය.
·         පන්දුවට පහර එල්ල කරන කණ්ඩායමේ පන්දුවට පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා හැර අනෙකුත් ක්‍රීඩකයින්හට රැදී සිටිම සදහා දකුණු පස දැවුම් කනුවේ සිට මිටර් පහක් පිටුපසින් මීටර් පහක් දිග මීටර් පහක් පළල වූ හරි හතරැස් කොටුවක් අළුහුණු යොදා සකස් කල යුතුය.
පාසැල් තරගයන් සදහා[සංස්කරණය]
අන්තර් සමාජ හා ආයතන එල්ලේ තරගමාලාවන් මෙන් නොව පාසැල් ක්‍රීඩා තරගයන් සදහා ක්‍රිඩා පිටිය මදක් කුඩාවන අතර අනෙක් සියලුම දෙයක්ම සහ නිති රිතින් ඒ ආකාරයෙන්ම බළපැවැත්වේ.
එල්ලේ ක්‍රිඩා පිටියේ දුර අන්තර් සමාජ හා ආයතන එල්ලේ තරගයන් සදහා මිටර් දොළහක් වුවද පාසැල් ක්‍රිඩා තරගයන් සදහා මීටර් එකොළහකි.
එල්ලේ උපකරණ සහ උපාංග[සංස්කරණය]
පිත්ත[සංස්කරණය]
එල්ලේ පිත්ත සදහා එල්ලේ ක්‍රීඩාව ආරම්භයේ පටන් ක්‍රීඩා කිරිම සදහා ගෙන ඇත්තේ ඒ ඒ පරිසරය අවටින් සොයා ගත හැකි දේවල්ය.ඒ අනුව කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ලද අයවලුන්,සාමාන්‍ය ගම්බද පදේශය තුල සහ නාගරික සාමාන්‍ය ජනතාව ජිවත්වු පදේශය වෙතින් මෙන්ම ධීවර ජනතාව ජීවත්වු මුහුදුබඩ ආශ්‍රිත ඒ අවටින් සොයා ගත හැකි මුගුරැ කැබැල්ලක්,ගසක අතු කැබැල්ලක්,උපයෝගි කර ගනිමින් මෙම ක්‍රිඩාවේ යෙදී ඇත
.
එසේ ක්‍රමක් ක්‍රමයෙන් පැමිණි එල්ලේ ක්‍රිඩාව 19 වන ශත වර්ෂය වන විට පොල්ගසේ අත්ත උපයෝගී කර ගනිමින් කපා ගන්නා කොටසක්ද,කිතුල් ගසේ අත්තකින් කපා ගන්නා අතු කැබැල්ලකින් මෙන්ම වෙල්යාය පූරා දක්නට ලැබෙන උණ ගසේ උණ බට කොටසක් ගෙන ක්‍රීඩාවේ යෙදි ඇත.ඉන් ඩඩාත්ම සිත් ගන්නාවු පිත්ත ලෙසත්,එල්ලේ ක්‍රීඩාවට උචිතම පිත්ත වශයෙන් අවභෝධ වු බැවින් උණ බම්බුව තෝරා ගත් අතීත මුතුන් මුත්තන්ගේ ආකාරයටම වර්ථමානයේදී පවා දක්නට ලැබේ.
කෙසේ වෙතත් ලොව බිහිව ඇති අනෙකුත් ක්‍රිඩාවන් මෙම ක්‍රිඩාවට වසර සිය දහස් ගනනකට පසුව නිර්මානය වී වර්ථමානයේ මුළු ලොව පුරා ජනප්‍රීයව ඇති අතර එල්ලේ ක්‍රීඩාව මන්දගාමීව ගමන් කරනු ලබන බවට කදිම නිදසුන් වන්නේද එයමය.
පන්දුව[සංස්කරණය]
එලලේ ක්‍රිඩාව ආරම්භයේදි ඒ සදහා නිර්මානය වු විශේෂ පන්දුවක් නොතිබු අතර ඒ ඒ පලාත් අනුව සොයා ගත හැකි පන්දු උපයෝගීකර ගනිමින් එල්ලේ ක්‍රිඩාවේ යෙදි ඇති අතර මුහුදුබඩ ජනතාව ඒ අවටින් ක්‍රිඩා කිරිමට හැකි පන්දුත්,නාගරික සාමාන්‍ය පංතියේ ජනතාව විසින් ඒ අවටින් සොයා ගත හැකි පන්දුත්,කෘෂිකර්මාන්තයෙන් දිවිපෙවෙත ගෙවාදැමු අයවලුන් ඒ අවටින් සොයා ගතහැකි පන්දුත් උපයෝගී කරගෙන මෙම ක්‍රිඩාවේ යෙදුන බව පැරන්නන්ගේ මතයයි.
ඒ අනුව කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ලද අයවලුන් ඒ අවටින් සොයා ගත හැකි වියලි වෙල් කදුරැ ගෙඩිද,සාමාන්‍ය ගම්බද පදේශය තුල සහ නාගරික සාමාන්‍ය ජනතාව ජිවත්වු පදේශය වෙතින් ඔට්ටුපාලු වලින් හා කොළ කැබලි වලින් ඔතා ගන්නා ලද බෝලත් ධීවර ජනතාව ජීවත්වු මුහුදුබඩ ආශ්‍රිත ප්‍රෙද්ශයන් වෙතින් සොයා ගතහැකි ද්‍රව්‍ය හා ගෙඩි වර්ග උපයොාගි කර ගනිමින් මෙම ක්‍රිඩාවේ යෙදී ඇත
ජේ පි ජයසිංහ මහතා විසින් 1963 දි ලියා ඇති එල්ලේ ක්‍රීඩාවට මග යන පොතේද ඒ බව සදහන් කර ඇත.

ඉන් අනතුරැව ටිකින් ටික කාර්මික දියුණුව ලොව පුරා පැතිර යද්දී රබර් බෝල සහ ප්ලාස්ටික් බෝල ශ්‍රී ලංකාව තුලට මෙන්ම ශ්‍රි ලංකාව තුල නිෂ්පාදනයන් ඇරඹීමත් සමග ඒවාට හුරැ පුරැදු වෙමින් තම ක්‍රිඩාවේ යෙදී ඇත.
කෙසේ වුවද එල්ලේ සංගමය බිහිවිමත් සමග එම පන්දුද ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගන්නා ලදි.ප්ලාස්ටික් බෝලයන් විශේෂයෙන් යොදා ගනු ලැබූයේ ක්‍රීඩාංගනයන් නොමැති ප්‍රෙද්ශයන් වලදිය.ප්‍රධන තරගයන් මෙන්ම අනෙකුත් තරගයන් සදහා විශාල වශයෙන් යොදා ගන්නා ලද්දේ රබර් බෝලයකි.එයද එක් එක් තත්වයෙන් නිර්මානය ව තිබු බැවින් තරගමාලාවන් වලදී එක් කණ්ඩායමකට වාසියක්ද තවත් කණ්ඩායමකට අවිසි සහගත තත්වයන් උදිව් ඇති අතර ඒ මත කාල හෝල පවා සිදු වී ඇත.

කෙසේ වුවද 1960 - 1970 දශකය වන විට එල්ලේ ක්‍රීඩාවේ මහත් වු දියුණුවක් දක්නට ලැබුන අතර රබර් බෝලය වෙනුවට විදේශිය නිෂ්පාදනයක් මෙන්ම වීදේශිය ක්‍රීඩාවක් වු ටෙනිස් ක්‍රිඩාව සදහා යොදා ගන්නාවු ටෙනිස් බෝලය ක්‍රිඩා පිටි තුලට ක්‍රමක් ක්‍රමයෙන් එල්ලේ ක්‍රීඩා පිටි ආක්‍රමණය කර ඇත්තේද පැරන්නන්ගේ මතයට අනුව දුප්පත් කමත් සමගය.
එයට හේතුව නම් 1940 - 1950 බැව් කොළඹට තදාසන්න ප්‍රදේශයන්හි එල්ලේ ක්‍රීඩාවන් කරනු ලැබු නාගරික ජනතාව විසින් නාගරිකව පැවති විදේශීකයන් විසින් ක්‍රිඩා කිරිමෙන් පසුව ඉවතලන ටෙනිස් පන්දුද උපයෝගී කරමින්ද,රබර් සහ බීන්කෝ බෝල වශයෙන් හදුන්වන ලද විශේෂ පන්දුද උපයෝගී කර ගනිමින් තිබු කාලසිමාවක් වන අතර ඉන් තරගයක ජයග්‍රහනය ලබා ගත්තද එය දක්ෂතාවල ජයක් නොවන අතර පන්දුවේ විශෙෂත්වය මත ලබාගන්නා ජයක් වශයෙන් සෑම එල්ලේ ක්‍රීඩකයෙකුට මෙන්ම නවතමයෙන් ගොඩනගන ලද එල්ලේ සම්මේලනටයද වැටහී ඇත.
ඒ අනුව එල්ලේ සම්මේලනය විසින් ප්‍රධාන තරගයන් සදහා ටෙනිස් පන්දුවේ මතුපිට ඇති බූල් කොටස ඉවත් කරමින් පසු එල්ලේ ක්‍රීඩාවට උචිත වන අයුරින් සකස් කොට එල්ලේ ක්‍රීඩාවේ යොද විමට කටයුතු සලස්වන ලදී.එය එසේ වුවද ප්‍රධාන එල්ලේ තරගයන් සදහා සහභාගී වන කණ්ඩායම් විසින් එම පන්දුවද රත්කරමින් එල්ලේ තරගයන් පවත්වන ලදී
එතැන් පටන් 2010 වර්ෂය දක්වාම එල්ලේ ක්‍රීඩාව සදහා යොදා ගනු ලබන්නේ විදේශිය නිෂ්පාදනයක් මෙන්ම විදේශිය ක්‍රීඩාවක් සදහා සකස් කර ගන්නා පන්දුවක් වු ටෙනිස් පන්දුව වුවද එක් එක් තරගමාලාවන් හිදී එය තුලින්ද ප්‍රශ්නයන් පැන නැගුන අවශ්ථා නැත්තේද නොවේ.
මෙම ක්‍රමයද ක්‍රමක් ක්‍රමයෙන් මතබේදයන්ට තුඩු දිමේ හේතුවෙන් ටෙනිස් බෝලය නියමිත පරිදි රත් කිරම එක් කණ්ඩායමකට එක ක්‍රමයක්ද තවත් කණ්ඩායමකට තවත් ආකාරයක්ද වශයෙන් ක්‍රිඩකයින් නරඹන්නන් විසින් දක්නා ලද අවශ්ථාවන් හි පාලනය කර ගත නොහැකි ගැටලුන්ට මුහුණ දීමේ හේතුවෙන් ටෙනිස් බෝලය එල්ලේ ක්‍රිඩාවට උචිත පරිදි සකස් කර ගැනිමට එල්ලේ සම්මේලනය මැදිහත්ව කටයුතු කල අතරම පන්දු රත්කර තරග පැවැත්විමද තහනම් කරන ලදී.එතැන් සිට වර්ථමානය දක්වා එල්ලේ ක්‍රිඩාව සදහා යොදා ගනු ලබන්නේ ලොව ඉතාමත් ජනප්‍රියම ක්‍රිඩාවක්වු ටෙනිස් ක්‍රිඩාව සදහා නිෂ්පාදනය කර ඇති ටෙනිස් පන්දුව එල්ලේ ක්‍රිඩාවට උචිත පරිදි සකස් කර ගැනීමෙන් අනතුරැවයි
වෙනත්[සංස්කරණය]
1.    නැවතුම්(කඩඉම්) සදහා අවැසි කොඩි කනු හයක්.
2.    නැවතුම් සදහා අවැසි කොඩි කනු හය එකම වර්ණයකින් විය යුතුය.
3.    එම කොඩි කනු හය එකම ප්‍රමාණයකින්.
4.    ප්‍රධාන විනිසුරැහට දැවීම්,ලකුණක්,අජීවී පන්දුවක්.ලකුණ අවලංගු කිරිම සදහා නඅඹන්නන් ඇතුළු සැම දැනුවත් කිරිම පිණිස සුදු පැහැති සහ රතු පැහැති කොඩි දෙකක් සහ හොදින් ඇසෙන නලාවක්.
ප්‍රධාන ලිපිය: එල්ලේ ක්‍රීඩාවේ රීති
ක්‍රිඩකයෙකු දැවි යන ආකාරය[සංස්කරණය]
1. එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ හෝ එක් ඉනිමේ එල්ලේ තරග.
·         ඉනිම් දෙකේ තරගයක හෝ එක් ඉනිමේ කරගයක එක් ක්‍රීඩකයෙකුහට පන්දු පහකට මුහුණ දිය හැකි තරගයකදී නම් පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් එම පන්දු පහ තුලින් ප්‍රථම පන්දු තුනට ගන්නා උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         එම තරගයකදී පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් ප්‍රථම පන්දුව ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දු හතර තුලින් ඉන් පසුව ගන්නා පන්දු තුනට ගන්නා උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         එම තරගයකදී පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් ප්‍රඑම පන්දු දෙක ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දු තුන තුලින් ඉන් පසුව ගන්නා පන්දු තුනට ගත් උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         එම තරගයකදී පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් පන්දු තුනක් ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දු දෙක තුලින් ඉන් පසුව ගන්නා පන්දු දෙකට ගන්නා උත්සාහයන් දෙකම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         එම තරගයකදී පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් පන්දු හතරක් ප්‍රතික්ෂේප කොට ඉතිරි එම පන්දුවට ගන්නා උත්සාහයනය ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         ඉනිම් දෙකේ තරගයක හෝ එක් ඉනිමේ කරගයක එක් ක්‍රීඩකයෙකුහට පන්දු පහකට මුහුණ දිය හැකි තරගයකදී නම් පන්දු පහකට පහර එල්ල කිරිමට ගොස් එම පන්දු පහම ප්‍රතික්ෂේප කලෙහි නම් එය දැවියාමකි.
2. එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ හෝ ඉනිම් එකේ එල්ලේ තරග.
·         ඉනිම් දෙකේ තරගයක හෝ එක් ඉනිමේ කරගයක එක් ක්‍රීඩකයෙකුහට පන්දු තුනකට මුහුණ දිය හැකි තරගයකදී නම් පන්දු තුනකට පහර එල්ල කිරිමට ගොස් එම පන්දු තුන තුලින් ප්‍රථම පන්දු තුනට ගන්නා උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         එම තරගයකදී පන්දු තුනකට පහර එල්ල කිරිමට ගොස් ප්‍රථම පන්දුව ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දු දෙක තුලින් ඉන් පසුව ගන්නා පන්දු දෙකට ගන්නා උත්සාහයන් දෙකම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         එම තරගයකදී පන්දු තුනකට පහර එල්ල කිරිමට ගොස් පන්දු දෙකක් ප්‍රතික්ෂේප කොට ඉතිරි පන්දුව තුලින් පසුව ගන්නා පන්දුවට ගත් උත්සාහය ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         ඉනිම් දෙකේ තරගයක හෝ එක් ඉනිමේ කරගයක එක් ක්‍රීඩකයෙකුහට තුනකට මුහුණ දිය හැකි තරගයකදී නම් පන්දු පහකට තුනටම පහර එල්ල කිරිමට ගොස් එම පන්දු තුනම ප්‍රතික්ෂේප කලෙහි නම් එය දැවියාමකි.
3. එක් ක්‍රීඩකයෙකු පහරදීමට පැමිනෙන එක් අවශ්ථාවකදී පන්දුවක් පමණක් පිරිනමනු ලබන ඉනිම් දෙකේ හෝ ඉනිම් එකේ එල්ලේ තරග.
·         එම තරගයකදී ලැබෙන එකම පන්දුවට පහර එල්ල කිරිමට ගොස් එම පන්දුවට පහර දිමට ගත් උත්සාහය ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.
·         එම තරගයකදී ලැබෙන එකම පන්දුවට පහර එල්ල කිරිමට ගොස් එම පන්දුවට පහර දිම ප්‍රතික්ෂේප කලෙහි නම් එයද දැවියාමකි.
4 දැවුම් කණු දෙක අතර සටහන් කර ඇති මිටර් 1.5 විස්කම්භයක් ඇති අඩකවයෙන් පිටතට එක් අඩියක් තබා පන්දුවට පහර එල්ල කිරිමද දැවියාමකි.
5.
පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයා පන්දුවට පහර එල්ල කරන අවශ්ථාවේදි ගන්නා උත්සාහය අසාර්ථක වු අවශ්ථාවකදි එම ක්‍රීඩකයා වෙනුවට ධාවනය වන ධාවකයා විසින් මධ්යා රේඛාව පසුකල විට දැවීයාමකි.
6.
ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් තම ධාවනයට නියමිත දැවුම් කනුව අසල සටහන් කර ඇති රේඛාව ඉදිරියෙන් සිට ධාවනය ආරම්භ කලෙහිනම් එයද දැවියාමකි.
7.
ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් තමන් පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා වෙනුවට ධාවනයේ යෙදෙන බව ප්‍රධාන විනිසුරැ දැනුවත් නොකොට ධාවනයේ යෙදිම පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයාගේ දැවියාමකි.
. 8.
 ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා හෝ පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා විසින් ධාවන වටය පසු කිරිමට යාමේදි පළමු,දෙවන සහ තෙවන නැවතුම්හි ඇතුලත සිටුවා ඇති සටහන් කොඩිකණු කඩා දමමින් හෝ ඒවාට උඩින් පැන ධාවනයේ යෙදෙමින් වටය නිමකිරිමට උත්සාහ කර ධාවනයේ යෙදිම පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයාගේ දැවියාමකි.
8.
පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට මිටර් දොළහක් වශයෙන්ද ක්‍රීඩා පිටියේ දෙපැත්තට මීටර් විසිහතරක් වශයෙන් සටහන් කර ඇති සීමාවෙන් ඇතුලත වැදී දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
10.
 පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට ගොස් පළමුවන සහ දෙවන නැවතුම් ඇතුලත හෝ පිටත කණු වල ඉහල හෝ පහල කොටසේ වැදි දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
11.
 පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට ගොස් පළමුවන සහ දෙවන නැවතුම් ඇතුලත හෝ පිටත කණු වල ඉහල හෝ පහල කොටසේ වැදි දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
12.
 පහර එල්ල කරන ලද පන්දුව ඉහලින් හෝ පහලින් දැවුම් කනුවේ ඇතුලතින් දැවුම් කණු දෙක අතරින් පිටිපසින් යාමට පහර එල්ල කිරිම දැවීයාමකී.
13.
 පහර එල්ල කිරිමේදි එම පන්දුව ධාවකයාගේ හෝ පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාගේ ඇගේ දැවටීම දැවීයාමකී.
14.
 පහර එල්ල කරන ක්‍රීඩකයාගේ පන්දුව උඩ පන්දුවක් ලෙස අල්ලා ගැනිම.
15.
 ක්‍රීඩාංගනයේ අවට පිහිටා ඇති ස්ථීර ගොඩනැගිල්ලක,ස්ථීර නිශ්චල වශ්තුවක,තුරැ ලතාවක හෝ ක්‍රීඩකයෙකුගේ දනහිසින් ඉහළ පුමාණයේ තුරැලතා කොටසක පන්දුව වැදී එම පන්දුව පන්දු රකිනු ලබන ක්‍රීඩකයෙකු විසින් බිම නොවැදී සුරැකිව රැක ගත්තේනම් එය දැවී යාමකි.
16.
 ධාවන වටයේ අවශානයේදි හෝ ධාවන වටයේ අතර මැදි කොටසේ දී පළමුව දිවයන ක්‍රීඩකයා පසුකර දිවයෑම දැවීයාමකි.
17.
 පහර දෙනු ලබන පන්දුව බිම නොවැදී පන්දු රැකීමේ නියුතු ක්‍රීඩකයායෙකුගේ ඇගේ ඔනෑම කොටසක වැදි ඉහල ගිය හොත් එම පන්දුව රැක ගැනිම දැවියාමකි.
18.
 පහර දෙනු ලබන පන්දුව පන්දු රැකීමේ නියුතු ක්‍රීඩයෙකු විසින් රැගෙන ධාවනයේ යෙදෙන ක්‍රීඩකයාගේ ඇගේ දැවටිම දැවියාමකි.
19.
 පහර එල්ල කරන ලද පන්දුව දැවුම් කනු දෙක අතර සටහන් කර ඇති සළකුන් ඉරෙහි පිටුපස වැදී ඉදිරියට ගමන් කිරිම දැවියාමකි.
20.
 පන්දුවට පහර දුන් ක්‍රීඩකයා වෙනුවට ධාවනයේ යෙදුන ක්‍රීඩකයා එක් නැවතුම් ස්ථානයක නැවතී සිටියදී නැවතත් ප්‍රහාර එල්ල කිරිමට අඩකවයට පැමිණිම දැවීයාමකි.
21.
 ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් නැවතුම් පසුකර ගොස් නැවත නැවතීම සදහා ස්ථාන ගැනීමද,නැවතුමක් උඩින් පැන නැවතීමද දැවීයාමක් වේ.
22.
 නැවතීම් ඉරක එකම පැත්තකට පා දෙක තබා නැවතීම දැවීයාමකි.
23.
 නැවතීමක ක්‍රීඩකයින් දෙදෙනකු නැවතීමේදී එම නැවතීමේ සිටි පළමුවන ක්‍රීඩකයාගේ දැවියාමකි.
24.
 නැවතුමක එක් පාදයක් ඔසවාගෙන සීටිම හෝ නැවතුමක නිසිඅයුරින් නැවතිමට ප්‍රවථම පන්දුව ඇගේ දැවටීම දැවීයාමකි.
එල්ලේ කණ්ඩායම්[සංස්කරණය]
දක්ෂතම ක්‍රීඩකයින්[සංස්කරණය]

ජාතික ශූරයින්[සංස්කරණය]
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය මගින් පලාත් සහ ඒ ඒ පලාත් වලට අයත් ද්‍රිස්ත්‍රික්කයන්හි ඇති සියලුම කණ්ඩායම් එකානෙක තරග කිරිමෙන් අනතුරැව දිස්ත්‍රික්ක මට්ටමින් ජයගන්නා කණ්ඩායම් අතුරෙන් තෝරා ගන්නා ලබන කණ්ඩායම් දෙකක් අවසන් තරගය සදහා තෝරා ගනී.එම තරගය ඉතා උසස් අන්දමින් පවත්වනු ලබන අතර එම අවසන් මහා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩකයා ජාතික ශූරයා වශයෙන් නම් කරමින් කුසලානය සහ ත්‍යාගයන් පිරිනැමිමට කටයුතු කරනු ඇත.
ලංකාව පුරා ඇති සැම එල්ලේ කණ්ඩායමකම එල්ලේ ක්‍රීඩකයෙකුගේම එකම බලාපොරෙත්තුව වන්නේ ජාතික මහා එල්ලේ තරගයක ජාතික එල්ලේ සූරයා කුසලානය දීනාගැනිමය.එබැවින් කණ්ඩායම් අතර පවත්නා තරගයන් ඉතා උනුසුම් මුහුණු වරක් ගන්නා බවද අවසන් මහා තරගය නරඹිම සදහා දිවයිනේ නන් දෙසින් තරගය පැවැත්වෙන ක්‍රීඩාංගනයට ඇදී එති.
අ/අ
ක්‍රිඩකයාගේ නම
ක්‍රීඩා කණ්ඩායම
දිස්ත්‍රික්කය
වර්ෂය
වෙනත් විස්තර
ජාතික ශූරියන්[සංස්කරණය]
ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය මගින් පලාත් සහ ඒ ඒ පලාත් වලට අයත් ද්‍රිස්ත්‍රික්කයන්හි ඇති සියලුම කණ්ඩායම් එකානෙක තරග කිරිමෙන් අනතුරැව දිස්ත්‍රික්ක මට්ටමින් ජයගන්නා කණ්ඩායම් අතුරෙන් තෝරා ගන්නා ලබන කණ්ඩායම් දෙකක් අවසන් තරගය සදහා තෝරා ගනී.එම තරගය ඉතා උසස් අන්දමින් පවත්වනු ලබන අතර එම අවසන් මහා තරගයෙන් ජය ගන්නා කණ්ඩායමේ දක්ෂතම ක්‍රීඩිකාව ජාතික ශූරිය වශයෙන් නම්කරමින් කුසලානය සහ ත්‍යාගයන් පිරිනැමිමට කටයුතු කරනු ඇත.
අ/අ
ක්‍රිඩිකාවගේ නම
ක්‍රීඩා කණ්ඩායම
දිස්ත්‍රික්කය
වර්ෂය
වෙනත්
ක්‍රිඩකයින්ගේ කාර්යභාරය[සංස්කරණය]
1.    කණ්ඩායමේ සියළුම ක්‍රීඩකමහතුන්ගේ විනය සම්භන්ධව කටයුතු කිරිම සහ සොයා බැලීම
2.    කන්ඩායමේ සියළුම ක්‍රිඩක මහතුන්හට පන්දුවට පහරදිම සදහා යොමු කරවීම,ඒ සදහා පැහැදිලි උපදෙස් ලබාදිම පන්දුවට පහරදීම සදහා සුදුසු පරිදි ක්‍රීඩකයින් යෙදවිම.
3.    පන්දුවට පහර එල්ල කිරිමට නියමිත අනෙකුත් ක්‍රිඩක මහතුන් නිසි පරිදි යෙදවිමට කටයුතු කිරිම සහ නියමිත ස්ථානයේ රදවා තිබිම.
4.    තරගයන් පවතින සෑම අවශ්ථාවකදිම හා තිරණයන් ගැනිමේදී ප්‍රතිවිරැද්ධ නායක,විනිසුරැ මණ්ඩලය සමග සාකච්ඡාකොට සුදුසු මෙන්ම සාධාරන තිරනයන් වලට එළධීම.
5.    විනිසුරැමණ්ඩලයේ තීරනයන් වලදී අවධානය යොමු කොට ඒවා පිළිගැනිමේ ශක්තිය හා සෙසු ක්‍රිඩකමහතුන් පාළනය කිරිමේ හැකියාව.
6.    පන්දු රැකිමේදී සුදුසු ස්ථානයන් සදහා සුදුසු දක්ෂ ක්‍රිඩක මහතුන් යෙදවිම.
7.    කණ්ඩායම මගින් ගන්නා ලද තිරණයන් කණ්කායම් උපනායක හා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකමහතුන් සමග සාකච්ඡාකොට ප්‍රතිළුලදායක තීරණයන්ට ළුලඹීම.
8.    ක්‍රිඩකහතුන් විසින් මත්ද්‍රව්‍ය හා දුම්වැටි භාවිතා කරමින් ක්‍රිඩා කරන්නේ නම් ඒ පිළිබද සොයාබලා විනිසුරැවන්හට වාර්ථා කිරිම සහ එසේ නොවන ලෙසට වග බලා ගැනිම.එසේ කර ඇත්තේනම් විනිසුරැවන් දැනුවත් කිරිම.
9.    පන්දු එවන ක්‍රිඩකයින් සුදුසු පරිදි යොමු කරවීම.
උප නායක[සංස්කරණය]
1.    කණ්ඩායම් නායකතුමා සමග සහයෝගයෙන් වැඩ කිරිම.
2.    කණ්ඩායම් නායක වෙත පැවරි ඇති රාජකාරින් සදහා ඒ අයුරින්ම සහයෝගය ලබා දීම.
·         පන්දු එවන්නා(
1.    තම කණ්ඩායමේ පන්දුවට පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයින් පිළිබද මනා අවභෝධයක් තිබිය යුතුයි.
2.    පන්දු එවිමට පෙර පන්දු පහර එල්ල කරන ක්‍රිඩකයා සමගින් සාකච්ඡා කොට පහර එල්ල කරන පදේශය,පහර එල්ල කිරිමට අදහස් කරන්නේ කෙසේද යන්න පිළිබද දැනුමක් ඇතිව පන්දු එවිමට යොමු විය යුතුයි.
* පන්දුවට පහර දෙන්නා(Striker)
1.    පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා ප්‍රහාර එල්ල කිරිමේ දක්ෂයෙකු විය යුතුය.
2.    වේගවත් ලෙස එල්ලය බලා පහරක් එල්ල කලයුතු අතර වර්ථමාන එල්ලේ තරගයන්හි පන්දු ප්‍රමාණය සිමා වි ඇති බැවින් ලැබෙන පන්දු සදහා එල්ලය බලා දිගු පහරවල් එල්ල කිරිමට හැකියාවක් තිබිය යුතුයි.
3.    පන්දුව එවන ක්‍රිඩකයා තමා වෙත කෙසේ පන්දුව යොමු කලද ඒම පන්දුව තෝරා බේරාගෙන ඒ සදහා පහරක් එල්ල කොට ලකුණක් ලබා ගැනිමේ හැකියාවක් තිබිය යුකුයි.
4.    පිටියේ සෑම ස්ථානයකටම සරල සමාන්තර පහරවල් එල්ල කිරිමේ හැකියාව.
5.    ක්‍රිඩාංගනයේ පිහිටිම අනුව හා ප්‍රතිවිරැද්ධ කණ්ඩායමේ ක්‍රිඩකයින්ගේ පන්දු රැකිම පිළිබද මනා අවබෝධයකින් කටයුතු කරමින් සුදුසු ස්ථානයන් බලා පන්දුවට පහර එල්ල කිරිමේ හැකියාව.
6.    ක්‍රිඩාංගනයේ පිහිටිම අනුව හා සුලං හමන දිශාව පිළිබද නිසි අවභෝධයකින් යුක්තව පන්දු පහර එල්ල කිරිම.
අනෙකුත් ක්‍රීඩකයින්[සංස්කරණය]
·         පසුපස පන්දු රකින්නා
පන්දු රැකීමේදී ඉතා වැදගත් පන්දු රකින්නෙකු වශයෙන් හදුන්වා දිමට හැක.කණ්ඩායමේ සිටින දක්ෂතම ක්‍රීඩකයෙකු මේ සදහා නම්කරනු ලබයි.මෙම ක්‍රීඩකයාගේ ක්‍රීඩා කරන ප්‍රධාන සීමාව වනුයේ පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාගේ පිටුපස ප්‍රධාන දැවුම් කනු දෙකට පිටුපස කොටසය.එහෙත් පහර එල්ල කරන ක්‍රීඩකයා විසින් පන්දුවට පහර එල්ල කල පසු ඉන් ඉදිරියට ගොස් පන්දුව ආරක්ෂා කිරිමටත් පන්දුව රැගෙන දිවයන ක්‍රීඩකයෙකුහට පහර දීමටත් අවසර ඇත.
1.
සෑම විටකම පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකකයාට පිටුපසින් සිටිය යුතු අතර පන්දුවට පහර එල්ලකරන්නා විසින් පහර එල්ල කිරිමේදි අසාර්ථක වන පන්දු පහර නිසා පසුපසට ගලායන පන්දුව නිසි අයුරින් රැක ගැනිමට ක්‍රීයා කල යුතුයි.
2.
තමා අතට පත්වන පන්දුව ලද විගස එම පන්දුව පන්දු එවන ක්රිකඩකයා වෙත යොමු කල යුතුයි.
3.
පන්දුවට පහර දෙන ක්‍රීඩකයා විසින් සාර්ථක පහරක් එල්ල කොට එම පන්දුව පන්දු රකින්නන් විසින් නැවත ලබාදීමේදී කඩඉම් ආරක්ෂකයින් අතින් ගිලිහී යන්නේ නම් පන්දුව ආරක්ෂාකාරිව රැකගෙන ධාවනයේ යෙදෙන ක්‍රීඩකකයා වෙත ප්ර හාර එල්ල කොට දවා ගැනිමට කටයුතු කිරිම.
4.
පන්දුවට පහර දුන් ක්‍රීඩකයෙකු විසින් පහර එල්ල කරන ලද පිත්ත අඩකවය අසල දමා ගොස් ඇත්නම් හෝ ඉන් පෙර පහර දුන් පන්දුවක් නිසි ස්ථානයේ නොමැතිනම් එම දෑ නිසි ස්ථානයන්හි තැබීමද එක් රාජකාරියකි.
·         පළමු සහ දෙවන කඩඉම් ආරක්ෂක
1. පළමු සහ දෙවන කඩඉම් ආරක්ෂක යටතේ රැදවුම් පදේශය වනුයේ දකුණත දැවුම් කණුවේ සිට දෙවන කඩඉම දක්වා පිටත ප්‍රදේශයයි.පන්දුවට පහර එල්ල කරන්නකු විසින් පන්දුවට පහර එල්ල කිරිමට ප්‍රථම සළකුණු කරඇති රේඛාවන් තුලින් ඇතුලට පැමිණිම නොකළ යුතුය.එහෙත් පන්දු රකින්නන් විසින් පන්දුව කඩඉම් වෙත එවන අවශ්ථාවන්හි පිටියේ ඕනෑම ස්ථානයකට ගොස් පන්දු රැකීමේ යෙදුන හැක.
2.
පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා පන්දුව එල්ල කරන දිශාව පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.
3.
පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා විසින් එල්ල කරන පහර කොපමන වේගයකින් ගමන් වෙත ගලා ආවද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව
4.
රැකගත් පන්දුවෙන් ක්ෂණිකව ධාවනය වන ක්‍රීඩකයාට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව.
5.
පිටියේ ඈත කෙළවරෙහි සිට වේගයෙන් එවන පන්දුව කොපමණ වේගයකින් යොමු කළද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව.
6.
ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා වෙත පහර එල්ල කිරිමේදී එම ක්‍රීඩකයාට අතුරැ අන්තරාවක් විය හැකි පරිදි වෙගයෙන් පන්දුවෙන් පහර එල්ල නොකලයුතු අතර හැකි සැම විටකම සෙමෙන් පන්දුව ඇගේ දැවටිමට සැලැස්වීමට කටයුතු කිරිම පිළබද වැඩි අවධානයක් යොමු කල යුකුයි.
7.
ක්ෂණිකව තීරණ ගැනිමේ හැකියාව.
·         දෙවන සහ තෙවන කඩඉම් ආරක්ෂක
1. දෙවන සහ තෙවන කඩඉම් ආරක්ෂක යටතේ රැදවුම් පදේශය වනුයේ වම්අත දැවුම් කණුවේ සිට දෙවන කඩඉම දක්වා පිටත ප්‍රදේශයයි.පන්දුවට පහර එල්ල කරන්නකු විසින් පන්දුවට පහර එල්ල කිරිමට ප්‍රථම සළකුණු කරඇති රේඛාවන් තුලින් ඇතුලට පැමිණිම නොකළ යුතුය.එහෙත් පන්දු රකින්නන් විසින් පන්දුව කඩඉම් වෙත එවන අවශ්ථාවන්හි පිටියේ ඕනෑම ස්ථානයකට ගොස් පන්දු රැකීමේ යෙදුන හැක.
2.
පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා පන්දුව එල්ල කරන දිශාව පිළිබද මනා දැනුමක් තිබිය යුතුය.
3.
පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා විසින් එල්ල කරන පහර කොපමන වේගයකින් ගමන් වෙත ගලා ආවද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව.
4.
රැකගත් පන්දුවෙන් ක්ෂණිකව ධාවනය වන ක්‍රීඩකයාට පහර එල්ල කොට දවා ගැනීමේ හැකියාව
5.
පිටියේ ඈත කෙළවරෙහි සිට වේගයෙන් එවන පන්දුව කොපමණ වේගයකින් යොමු කළද ක්ෂණිකව අල්ලා ගැනීමේ හැකියාව
6.
ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා වෙත පහර එල්ල කිරිමේදී එම ක්‍රීඩකයාට අතුරැ අන්තරාවක් විය හැකි පරිදි වෙගයෙන් පන්දුවෙන් පහර එල්ල නොකලයුතු අතර හැකි සැම විටකම සෙමෙන් පන්දුව ඇගේ දැවටිමට සැලැස්වීමට කටයුතු කිරිම පිළබද වැඩි අවධානයක් යොමු කල යුකුයි.
7.
ක්ෂණිකව තීරණ ගැනිමේ හැකියාව.
·         මැදපෙළ පන්දු රකින්නා
1.ක්‍රීඩාංගනය වටා කඩඉම් රකින්නන්ට පිටුපසින් මැද පෙළ(Center Fielder)රකින්නන් ස්ථානගත විය යුතුය.එසේ රැදවිම කණ්ඩායමේ නායකතුමා,උපනායක විසින් සාක 1.එල්ලේ තරගයක වැදගත් වු කාර්ය්‍ය භාරයක් පැවරෙන තවත් එක් ක්‍රීඩකයෙකු වශයෙන් හැදින්විය හැක.
2.
·         දුර පන්දුරකින්නා
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
·         බේස්බෝල්
·         ක්‍රිකට්

වැඩිදුර කියවීම්[සංස්කරණය]
·         එල්ලේ ක්‍රීඩාව හා එහි ගමන් මග - ජේ පී ජයසිංහ පොල්පිටිමුකලාන - වර්ෂ 1963
·         එල්ලේ ක්‍රීඩව - රෙජී කබ්රාල් - වර්ෂ 1732
·         එල්ලේ නීති මාලාව - ශ්‍රී ලංකා එල්ලේ - වර්ෂ 1976
·         එල්ලේ නීති මාලාව - ශ්‍රී ලංකා එල්ලේ - වර්ෂ 1996
·         එල්ලේ ක්‍රීඩාවට මග - සිරිපාල රණසිංහ - වර්ෂ 1999
·         එල්ලේ ක්‍රීඩාවට මග - විපුලසිරි සිල්වා - වර්ෂ 2004
එල්ලය - එස් ජූඩ් සිල්වා - 1993,2