ඔනෑම ක්‍රිඩාවකට මෙන්ම එල්ලේ ක්‍රිඩාවටද පිලිගත් ක්‍රිඩා උපකරණයන් ඇති අතර මෙම එල්ලේ ක්‍රීඩා උපකරණයන් හුදෙක්ම මුතුන් මිත්තන්ගේ ආභාෂය මත ලබාගත් උපකරණ වශයෙන් වර්ථමානයේදී පවා භාවිතයට ගන්නා ආකාරයක් අප දැක ඇත.
එහෙත් අනෙකුත් සෑම ක්‍රීඩාවකම එම ක්‍රීඩා උපකරණයන් ඈත අතීතයේදී මෙන් නොවන අතර වීශාල වශයෙන් වෙනස් කිරිම් වලට ගොදුරැව නවීකරණය වී ඇතත් එල්ලේ ක්‍රීඩාවේදී එය එසේ වී නොමැත.එසේ නවීකරනය නොවිම තුලදී එල්ලේ ක්‍රීඩාව මෙයටත් වඩා වේගයෙන් රටතුල ප්‍රචලිත විය යුතුව ඇතත් එය ඉතා මන්දගාමිව රට තුල පුචලිතව ඇති බව පිලිගත්තද වරදක් නොමැත ...
එහෙත් අනෙකුත් සෑම ක්‍රීඩාවකම එම ක්‍රීඩා උපකරණයන් ඈත අතීතයේදී මෙන් නොවන අතර වීශාල වශයෙන් වෙනස් කිරිම් වලට ගොදුරැව නවීකරණය වී ඇතත් එල්ලේ ක්‍රීඩාවේදී එය එසේ වී නොමැත.එසේ නවීකරනය නොවිම තුලදී එල්ලේ ක්‍රීඩාව මෙයටත් වඩා වේගයෙන් රටතුල ප්‍රචලිත විය යුතුව ඇතත් එය ඉතා මන්දගාමිව රට තුල පුචලිතව ඇති බව පිලිගත්තද වරදක් නොමැත ...
එය කෙසේ වෙතත් එල්ලේ ක්‍රිඩාවේ වර්ථමානයේදී භාවිතයට ගනු ලබන්නවු ක්‍රිඩා උපකරණ පිළිබද එල්ලේ ක්‍රීඩාවට ආධුනිකයින් වශයෙන් එක්වන්නවු අයවලුනගේ පයෝජනය සදහා ඉදිරිපත් කිරිමට කටයුතු කර ඇත..
ක්‍රීඩා උපකරණ
(01) එල්ලේ පිත්තක්රීඩා උපකරණ
ඈත අතිතයේ මුතුන් මිත්තන් විසින් ක්‍රිඩා කිරිම සදහා උපයෝගි කරගන්නා ලද එල්ලේ පිති අතරින් වෙල්යාය තුලින් පහසුවෙන් සොයා ගත හැකි උණ ගස්වල මේරෑ කෙළවර කෙටස මෙම ක්‍රිඩාව සදහා වර්ථමායේදිත් යොදා ගනී.
එහෙත් එම කොටස් නිසි අයුරින් පදම් කර ගැනිමෙන් පසු එක් එක් ක්‍රිඩකයාගේ උස මට්ටමට හා ඒ ඒ ක්‍රිඩකයාට සුදුසු පරිදි සකස් කර සිත්ගන්නා සුළු ආකාරයෙන් වර්ණ යොදා එල්ලේ තරග සදහා ක්‍රීඩකයින් විසින් කටයුතු කිරිම වර්ථමානයේදීත් දක්නට ලැබේ.
මෙම පිත්තක නිතිමය වශයෙන් එකම ප්‍රමාණයක් සදහන් කොට නොමැති අතර එය අවම වශයෙන් අඩි පහත් අඩි හයත් අතර ප්‍රමාණයක් වශයෙන් එක් එක් ක්‍රිඩකයින් විසින් තම තමන්ට සුදුසු පරිද්දෙන් සකස්කර ගැනීමෙන් පසු තරගමාලාවන් සදහා යොදා ගැනීමට කටයුතු කර ඇත.
උණ බමිබුවකින් සාදාගන්නා ලද පදමී කරගත් පිත්තක්.එක් ක්‍රීඩකයනට උචිත වන අයුරින් සකස් කර ගත හැකි අතර එහි දිග ප්‍රමාණයද ක්‍රිඩකයිනගේ උස අනුව තීරණය වේ.
(02) එල්ලේ පන්දුව

එලලේ ක්‍රිඩාව ආරම්භයේදි ඒ සදහා නිර්මානය වු විශේෂ පන්දුවක් නොතිබු අතර ඒ ඒ පලාත් අනුව සොයා ලත හැකි පන්දු උපයෝගීකර ගනිමින් එල්ලේ ක්‍රිඩාවේ යෙදි ඇති අතර මුහුදුබඩ ජනතාව ඒ අවටින් ක්‍රිඩා කිරිමට හැකි පන්දුත්,නාගරික සාමාන්‍ය පංතියේ ජනතාව විසින් ඒ අවටින් සොයා ගත හැකි පන්දුත්,කෘෂිකර්මාන්තයෙන් දිවිපෙවෙත ගෙවාදැමු අයවලුන් ඒ අවටින් සොයා ගතහැකි පන්දුත් උපයෝගී කරගෙන මෙම ක්‍රිඩාවේ යෙදුන බව පැරන්නන්ගේ මතයයි.
ඒ අනුව කෘෂිකර්මාන්තයෙන් දිවි ගෙවන ලද අයවලුන් ඒ අවටින් සොයා ගත හැකි වියලි වෙල් කදුරැ ගෙඩිද,සාමාන්‍ය ගම්බද පදේශය තුල සහ නාගරික සාමාන්‍ය ජනතාව ජිවත්වු ප්‍රෙද්ශයන් වෙතින් ඔට්ටුපාලු වලින් හා කොළ කැබලි වලින් ඔතා ගන්නා ලද බෝලත් ධීවර ජනතාව ජීවත්වු මුහුදුබඩ ආශ්‍රිත ප්‍රෙද්ශයන් වෙතින් සොයා ගතහැකි ද්‍රව්‍ය හා ගෙඩි වර්ග උපයොාගි කර ගනිමින් මෙම ක්‍රිඩාවේ යෙදී ඇත
ඉන් අනතුරැව ටිකින් ටික කාර්මික දියුණුව ලොව පුරා පැතිර යද්දී රබර් බෝල සහ ප්ලාස්ටික් බෝල ශ්‍රී ලංකාව තුලට මෙන්ම ශ්‍රි ලංකාව තුල නිෂ්පාදනයන් ඇරඹීමත් සමග ඒවාට හුරැ පුරැදු වෙමින් තම ක්‍රිඩාවේ යෙදී ඇත.
කෙසේ වුවද එල්ලේ සංගමය බිහිවිමත් සමග එම පන්දුද ක්‍රම ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගන්නා ලදි.ප්ලාස්ටික් බෝලයන් විශේෂයෙන් යොදා ගනු ලැබූයේ ක්‍රීඩාංගනයන් නොමැති ප්‍රෙද්ශයන් වලදිය.ප්‍රධන තරගයන් මෙන්ම අනෙකුත් තරගයන් සදහා විශාල වශයෙන් යොදා ගන්නා ලද්දේ රබර් බෝලයකි.එයද එක් එක් තත්වයෙන් නිර්මානය ව තිබු බැවින් තරගමාලාවන් වලදී එක් කණ්ඩායමකට වාසියක්ද තවත් කණ්ඩායමකට අවිසි සහගත තත්වයන් උදිව් ඇති අතර ඒ මත කාල හෝල පවා සිදු වී ඇත.
කෙසේ වුවද 1960 - 1970 දශකය වන විට එල්ලේ ක්‍රීඩාවේ මහත් වු දියුණුවක් දක්නට ලැබුන අතර රබර් බෝලය වෙනුවට විදේශිය නිෂ්පාදනයක් මෙන්ම වීදේශිය ක්‍රීඩාවක් වු ටෙනිස් ක්‍රිඩාව සදහා යොදා ගන්නාවු ටෙනිස් බෝලය ක්‍රිඩා පිටි තුලට ක්‍රමක් ක්‍රමයෙන් එල්ලේ ක්‍රඩා පිටි ආක්‍රමණය කර ඇත්තේද පැරන්නන්ගේ මතයට අනුව දුප්පත් කමත් සමගය.
එයට හේතුව නම් 1940 - 1950 බැව් කොළඹට තදාසන්න ප්‍රදේශයන්හි එල්ලේ ක්‍රීඩාවන් කරනු ලැබු නාගරික ජනතාව විසින් නාගරිකව පැවති විදේශීකයන් විසින් ක්‍රිඩා කිරිමෙන් පසුව ඉවතලන ටෙනිස් පන්දුද උපයෝගී කරමින්ද,රබර් සහ බීන්කෝ බෝල වශයෙන් හදුන්වන ලද විශේෂ පන්දුද උපයෝගී කර ගනිමින් තිබු කාලසිමාවක් වන අතර ඉන් තරගයක ජයග්‍රහනය ලබා ගත්තද එය දක්ෂතාවල ජයක් නොවන අතර පන්දුවේ විශෙෂත්වය මත ලබාගන්නා ජයක් වශයෙන් සෑම එල්ලේ ක්‍රීඩකයෙකුට මෙන්ම නවතමයෙන් ගොඩනගන ලද එල්ලේ සම්මේලනටයද වැටහී ඇත.
ඒ අනුව එල්ලේ සම්මේලනය විසින් ප්‍රධාන තරගයන් සදහා ටෙනිස් පන්දුවේ මතුපිට ඇති බූල් කොටස ඉවත් කරමින් පසු එල්ලේ ක්‍රීඩාවට උචිත වන අයුරින් සකස් කොට එල්ලේ ක්‍රීඩාවේ යොද විමට කටයුතු සලස්වන ලදී.එය එසේ වුවද ප්‍රධාන එල්ලේ තරගයන් සදහා සහභාලී වන කණ්ඩායම් විසින් එම පන්දුවද රත්කරමින් එල්ලේ තරගයන් පවත්වන ලදී
එතැන් පටන් 2010 වෂර දක්වාම එල්ලේ ක්‍රීඩාව සදහා යොදා ගනු ලබන්නේ විදේශිය නිෂ්පාදනයක් මෙන්ම විදේශිය ක්‍රීඩාවක් සදහා සකස් කර ගන්නා පන්දුවක් වු ටෙනිස් පන්දුව වුවද එක් එක් තරගමාලාවන් හිදී එය තුලින්ද ප්‍රශ්නයන් පැන නැගුන අවශ්ථා නැත්තේද නොවේ.


මුතුන් මිත්තන් විසින් ක්‍රිඩා කරන ලද්දේ එක් එක් වර්ගයේ පන්දුන් උපයෝගි කර ගන්නා ලද ආකාරයටම එලලේ ක්‍රීඩාව සදහාම නිපදවන ලද පන්දුවක් මෙතෙක් නොමැති බැවින් 1960 - 1970 දශකයේ රබර් බෝල එල්ලේ තරගයන් සදහා බෝහෝ සෙයින් යොදාගන්නා ලද අතර ප්‍රධාන තරගයන් සදහා එවකටද විදේශිය නිෂ්පාදනයන් වන ටෙනිස් බෝලය යොදා ගන්නා ලදි.
වර්ථමානයේ සෑම තරගයක් සදහාම ගනු ලබන්නේ ටෙනිස් ක්‍රීඩා කිරිම සදහා විදේශය නිෂ්පාදනයක් වන ටෙනිස් බෝලයයි.මෙම බෝලය ටෙනිස් ක්‍රිඩාව සදහා නිෂ්පාදනය කර ඇති බැවින් එය එල්ලේ ක්‍රිඩාවට උචිත වන අයුරින් සකස් කර ගැනිම පිනිස මහත් වෙහෙසක් දැරිමට සිදුව ඇත.
කෙසේ වෙතත් දැනට අන්තර් සමාජ එල්ලේ තරග මෙන්ම පාසැල් තරග ඇතුළු ජාතික තලයේ සෑම තරගයක් සදහාම යොදා ගනු ලබන්නේ සුදුසු පරිදි සකස් කර ගන්නා ලද මෙම ටෙනිස් බෝලයයි.
1. ප්‍රධාන දැවුම් කණු
2. නැවතුම් ස්ථානයන් තුණ සදහා කණු හයක්
3.නැවතුම් ස්ථානයන් තුණ සදහා කොඩ් හයක් සහ ප්‍රධාන දැවුම් කණුවේ ඉහල කොටසට තවත් කොඩි දෙකක්
3. ප්‍රධාන තීරක සදහා රතු පාටින් සහ සුදු පාටින් කුඩා කොඩි දෙකක්
4. ප්‍රධාන තීරකට ලකුණක් ලබා ගැණිම සහ දැවියාම ප්‍රකාශ කිරිම පිණිස අවැසි නලාවක්
1. දැවුම් කනුදෙක අතර දුර ප්‍රමාණය මීටර් විසි හතරක් විය යුතුය.
3. පන්දුවට පහර දෙන්නාගේ අඩකවයේ හරිමැද සිට වම්පස දැවුම් කණුවට මිටර් දොළහක් විය යුතුය.එසේම දකුණු අත දැවුම් කණුවටද මිටර් දොළහක් විය යුතු අතර එම කණු දෙක අතර දුර මිටර විසිහතරකි.එම දුර ප්‍රමාණය පැහැදිලිව දර්ශණය වන පරිදි අළුහුණු යොදා සුදු පාටින් සලකුනු කලයුතුයි..
4. දැවුම් කණු දෙක හරි මැද පන්දුවට පහර දෙනු ලබන ක්‍රීඩකයාට ප්‍රහාරය එල්ල කිරිම පිණිස අඩකවයක් තිබිය යුතුය.එම අඩ කවයේ විස්කම්භය මිටර් එකහමාරක් විය යුතුය.
5. පන්දුවට පහර දෙන්නා සහ පන්දු එවන්නා අතර දුර ප්‍රමාණය මීටර් දොළහකි.පන්දු එවන්නා සිටින ස්ථානයද සලකුණු කර තිබිය යුතුය.
6. පන්දු එවන්නා සහ පළවන කට්ටියේ පිටත නැවතුම් කනුවට දුර ප්‍රමාණය මීටර් දොළහක් විය යුතු අතර පන්දුවට පහර දෙනු ලබන ක්‍රිඩකයාගේ දකුණුපස දැවීම් කණුවේ සිට පළමුවන නැවතුමේ පිටත කොඩියට දුර ප්‍රමාණයද මීටර් දොළහකි.එය දැවිම් කණුව කෙලින්ම විය යුතුය
7. පන්දු එවන්නා සහ දෙවන කට්ටියේ පිටත නැවතුම් කනුවට දුර ප්‍රමාණය මීටර් දොළහක් විය යුතු අතර පන්දුවට පහර දෙනු ලබන ක්‍රිඩකයාගේ අඩකවයේ හරි මැද සිට දෙවන නැවතුමේ පිටත කොඩියට දුර ප්‍රමාණයද මීටර් විසිහතරක් විය යුතුය.
8. තෙවන නැවතුම සකස් කරගත යුත්තේ පන්දුවට පහර දෙනු ලබන ක්‍රිඩකයාගේ වම් අත පැත්තට ඇති දැවුම් කණුවේ සිට තෙවන නැවතුමේ පිටත කොඩි කනුවට දුර මිටර් දොළහක් ඉදිරියටය.එය දැවිම් කණුව කෙලින්ම විය යුතුය.පන්දු එවන්නා සහ තෙවන කට්ටියේ පිටත නැවතුම් කනුවට දුර ප්‍රමාණය මීටර් දොළහක් විය යුතුයි.
9.නැවතුම් සදහා යොදා ගන්නා කොඩි දෙත අතර පරතරය මීටර් එකක් විය යුතු අතර එක් කොඩියක උස පොළව මට්ටමේ සිට මීටර් එකකි.
10. එසේම පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයා හැර අනෙකුත් ක්‍රීඩකයින්හට රැදී සිටිම සදහා දැවීම් කණු දෙකට පිටුපසින් මිටර් පහක කොටසක් සලකුණු කොට සුදු පාටින් සලකුනු කොට තිබිය යුතුයි.
පාසැල් ක්‍රීඩා තරගයන් සදහා ක්‍රිඩා පිටිය සකස් විය යුතු ආකාරය.
අන්තර් සමාජ සහ ආයතන එල්ලේ ක්‍රිඩා තරග මෙන් නොව පාසැල් ක්‍රිඩා තරගයන් සදහා ක්‍රිඩා පිටිය මදක් කුඩාවන අතර අනෙකුත් සියලුම දෙයක්ම සහ නිති රිතින් ඒ ආකාරයෙන්ම බල පැවැත්වේ
ක්‍රිඩා පිටියේ දුර අන්තර් ක්‍රිඩා සමාජ මට්ටමේ මිටර් දොළහක දුර ප්‍රමාණය පාසැල් ක්‍රිඩා තරගයන් සදහා මිටර් එකොළහකි.
එල්ලේ තරග රටාවන්
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් දෙකේ තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු පහක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන ඉනිම් එකේ තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු තුනක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට සීමාවු තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට සීමාවු තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට සීමාවු තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු එකක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට අඩු සීමාවු තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට සීමාවු තරග
· එක් ක්‍රිඩකයෙකු පන්දුවට පහර දීමට පැමිනෙන එක්වරකදී පන්දු දෙකක් බැගින් පිරිනමනු ලබන පන්දු 40ට සීමාවු තරග
· පන්දු වාර ගනන සීමාකර පවත්වනු ලබන තරග(මෙම පන්දු සිමාකරමින් පවත්වන තරග.(අවම පන්දුවාර ගනන පන්දු 15 කටද උපරිම පන්දු 40 කටද සීමාවේ)
පන්දුවාර 40 එල්ලේ තරග
1.පන්දුවාර
40 කට සීමාවේ.
2.තරගමාලාවක්
සදහා එක් දිනකට සහභාගී කරගත යුතු කණ්ඩායම් ගනන අටකි.එම ප්‍රමාණයට වඩා සහභාගි කර
නොගත යුතු අතර කණ්ඩායම් ප්‍රමාණය අඩුවද වරදක් නොමැත.
3.ලකුණු
සම තත්වයකට පත්වු විට තවත් පන්දු පහකට හෝ ඉන්වැඩි ගනනක තරගයක් සංවිධායක මණ්ඩලයේ
තීරණය මත පවත්වා ජය පරාජය තීරණය කල යුතුය.
4.ඉන්
ජය පරාජය තීරණය කිරිමට නොහැකි වුවහොත් විනිසුරැවන්ගේ තීරණය මත කාසියේ වාසිය උරගා
බලා ජය පරාජය තීරණය කල යුතුය.
(5) එල්ලේ පන්දුවට පහරදීම
එල්ලේ නිති සහ රීතීන්
(06) එල්ලේ ක්‍රීඩකයක දැවීයන ආකාරය
(07) ලකණක් ලබාගන්නා ආකාරය
(08) එල්ලේ ක්‍රීඩකයක මාරැ කලහැකි අවශ්ථාවන්
(09) එල්ලේ ක්‍රීඩකයක දැවීයන ආකාරය
1.එක් ඉනිමේ තරගයකදී එක් ක්‍රීඩකයෙකුහට පන්දු තුණකට මුහුණ දිය හැකි අතර පන්දු තුණකට පහර එල්ල කිරිමට ගොස් එම උත්සාහයන් තුනම ව්‍යවර්ථ වු විට එය දැවියාමකි.(මෙය එක් පන්දුවකට පමණක් සිමා වු එල්ලේ තරගයකදී එම එකම පන්දුවට පහර එල්ල කිරිමට පන්දුවට පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා අසමත් වුවහොත් එය දැවීයාමකි.)
2.එක් ඉනිමේ තරගයකදී පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාට ලබාදි ඇති පන්දු තුනෙන් එකක් පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අවශ්ථාවකදි ඉතිරි පන්දු දෙකට පහර එල්ල කිරිමේදි එම උත්සාහයන් දෙක ව්‍යවර්ථ වු විට දැවියාමකි.
මෙය එක් පන්දුවකට පමණක් සිමාවු තරගයකදි නම් එම එකම පන්දුවටද පහර එල්ල කරන ක්‍රිඩකයා විසින් පහර එල්ල නොකොට ප්‍රතික්ෂෙප කල අවශ්ථාවකදි එය දැවියාමකි.
3. .එක් ඉනිමේ තරගයකදී පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාට ලබාදි ඇති පන්දු තුනෙන් දෙකක් පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයා විසින් ප්‍රතික්ෂේප කර ඇති අවශ්ථාවකදි ඉතිරි පන්දුවට පහර එල්ල කිරිමේදි එම උත්සාහය ව්‍යවර්ථ වු විට දැවියාමකි.
4. එක් ඉනිමේ තරගයකදී පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාට ලබාදි ඇති පන්දු තුන පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයා විසින් ප්‍රතික්ෂේප කිරිමද දැවියාමකි.
5.දැවුම් කණු දෙක අතර සටහන් කර ඇති මිටර් 1.5 විස්කම්භයක් ඇති අඩකවයෙන් පිටතට එක් අඩියක් තබා පන්දුවට පහර එල්ල කිරිමද දැවියාමකි.
6.පන්දුවට පහර එල්ල කරන ක්‍රිඩකයා පන්දුවට පහර එල්ල කරන අවශ්ථාවේදි ගන්නා උත්සාහය අසාර්ථක වු අවශ්ථාවකදි එම ක්‍රිඩකයා වෙනුවට ධාවනය වන ධාවකයා විසින් මධ්‍ය රේඛාව පසුකල විට දැවීයාමකි.
7.ධාවනයේ යෙදෙන ක්‍රිඩකයා විසින් තම ධාවනයට නියමිත දැවුම් කනුව අසල සටහන් කර ඇති රේඛාව ඉදිරියෙන් සිට ධාවනය ආරම්භ කලෙහිනම් එයද දැවියාමකි.
8.ධාවනයේ යෙදෙන ක්‍රිඩකයා විසින් තමන් පහර එල්ල කරනු ලබන ක්‍රීඩකයා වෙනුවට ධාවනයේ යෙදෙන බව ප්‍රධාන විනිසුරැ දැනුවත් නොකොට ධාවනයේ යෙදිම පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයාගේ දැවියාමකි.
9. ධාවනයේ යෙදෙන ක්‍රිඩකයා හෝ පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයා විසින් ධාවන වටය පසු කිරිමට යාමේදි පළමු,දෙවන සහ තෙවන නැවතුම්හි ඇතුලත සිටුවා ඇති සටහන් කොඩිකණු කඩා දමමින් හෝ ඒවාට උඩින් පැන ධාවනයේ යෙදෙමින් වටය නිමකිරිමට උත්සාහ කර ධාවනයේ යෙදිම පහර එල්ල කරනු ලබන ක්‍රිඩකයාගේ දැවියාමකි.
10.පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට මිටර් දොළහක් වශයෙන්ද ක්‍රිඩා පිටියේ දෙපැත්තට මීටර් විසිහතරක් වශයෙන් සටහන් කර ඇති සීමාවෙන් ඇතුලත වැදී දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
11. පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට ගොස් පළමුවන සහ දෙවන නැවතුම් ඇතුලත හෝ පිටත කණු වල ඉහල හෝ පහල කොටසේ වැදි දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
12. පහර එල්ල කරන ලද පන්දුව ඉදිරියට ගොස් පළමුවන සහ දෙවන නැවතුම් ඇතුලත හෝ පිටත කණු වල ඉහල හෝ පහල කොටසේ වැදි දැවුම් කණු දෙක අතරින් පිටිපසට ගලායාම දැවීයාමකී.
13. පහර එල්ල කරන ලද පන්දුව ඉහලින් හෝ පහලින් දැවුම් කනුවේ ඇතුලතින් දැවුම් කණු දෙක අතරින් පිටිපසින් යාමට පහර එල්ල කිරිම දැවීයාමකී.
14.පහර එල්ල කිරිමේදි එම පන්දුව ධාවකයාගේ හෝ පන්දුවට පහර එල්ල කරන ක්‍රීඩකයාගේ ඇගේ දැවටීම දැවීයාමකී.
15.පහර එල්ල කරන ක්‍රිඩකයාගේ පන්දුව උඩ පන්දුවක් ලෙස අල්ලා ගැනිම.
16.ක්‍රිඩාංගනයේ අවට පිහිටා ඇති ස්ථීර ගොඩනැගිල්ලක,ස්ථීර නිශ්චල වශ්තුවක,තුරැ ලතාවක හෝ ක්‍රිඩකයෙකුගේ දනහිසින් ඉහළ පුමාණයේ තුරැලතා කොටසක පන්දුව වැදී එම පන්දුව පන්දු රකිනු ලබන ක්‍රීඩකයෙකු විසින් බිම නොවැදී සුරැකිව රැක ගත්තේනම් එය දැවී යාමකි.
17.ධාවන වටයේ අවශානයේදි හෝ ධාවන වටයේ අතර මැදි කොටසේ දී පළමුව දිවයන ක්‍රිඩකයා පසුකර දිවයෑම දැවීයාමකි.
18.පහර දෙනු ලබන පන්දුව බිම නොවැදී පන්දු රැකීමේ නියුතු ක්‍රීඩකයෙකුගේ ඇගේ ඔනෑම කොටසක වැදි ඉහල ගිය හොත් එම පන්දුව රැක ගැනිම දැවියාමකි.
19. පහර දෙනු ලබන පන්දුව පන්දු රැකීමේ නියුතු ක්‍රීඩකයෙකු විසින් රැගෙන ධාවනයේ යෙදෙන ක්‍රිඩකයාගේ ඇගේ දැවටිම දැවියාමකි.
20. පහර එල්ල කරන ලද පන්දුව දැවුම් කනු දෙක අතර සටහන් කර ඇති සළකුන් ඉරෙහි පිටුපස වැදී ඉදිරියට ගමන් කිරිම දැවියාමකි.
21පන්දුවට පහර දුන් ක්‍රිඩකයා වෙනුවට ධාවනයේ යෙදුන ක්‍රීඩකයා එක් නැවතුම් ස්ථානයක නැවතී සිටියදී නැවතත් ප්‍රහාර එල්ල කිරිමට අඩකවයට පැමිණිම දැවීයාමකි.
22.ධාවනයේ යෙදෙන ක්‍රීඩකයා විසින් නැවතුම් පසුකර ගොස් නැවත නැවතීම සදහා ස්ථාන ගැනීමද,නැවතුමක් උඩින් පැන නැවතීමද දැවීයාමක් වේ.
23.නැවතීම් ඉරක එකම පැත්තකට පා දෙක තබා නැවතීම දැවීයාමකි.
24.නැවතීමක ක්‍රිඩකයින් දෙදෙනකු නැවතීමේදී එම නැවතීමේ සිටි පළමුවන ක්‍රීඩකයාගේ දැවයාමකි.
25.නැවතුමක එක් පාදයක් ඔසවාගෙන සීටිම හෝ නැවතුමක නිසිඅයුරින් නැවතිමට ප්‍රථම පන්දුව ඇගේ දැවටීම දැවීයාමකි.
(10) ලකණු ලබාගැනීම හා ලකණු අවලංග කිරිම.
(11) එල්ලේ පන්දුවක් මාරැ කරන ආකාරය
(12) එල්ලේ තරගයක තීරණය.
(12) එල්ලේ තරගයක තීරක රාජකාරිය.
ක්‍රීඩා උපකරණර>>
මුල් පිටුවට>>Home>>
.අන්තර්ජාලයට .ශී ලංකා එල්ලෙ කීඩාව පිළිබද විස්තර බ්ලොග් හරහා පලමුව එක්කල මා ..එල්ලෙ කීඩාව තව තවත් ඉදිරියට රැගෙන යාම සදහා මා ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචන සතටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, නිවරදි කර බැලීම ඔබට භාරයි...........
If you have fast details of Elle match,players and all details of relivent to Sri Lanka Sport of Elle.
If you have fast details of Elle match,players and all details of relivent to Sri Lanka Sport of Elle.
......... please submit them to us..........
We are trying to published all through this page who are like to see.... you must help us...
We are trying to published all through this page who are like to see.... you must help us...
....See how to contact....
VSIT,SEE AND READ ALL
Telephone Number :- +94718669451
www.youtube.com :- Sri Lanka Elle
blogs For Sri Lanka Elle
http://srilankaelle1.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle2.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle123456.wix.com/elle
http://Deepasikateam.blogspot.com
Other blogs For Sri Lanka elle
http://srilankaelle1.blogspot.com
http://ellesrilanka.blogspot.com
http://srilankaelle2.blogspot.com
http://srilankaelle123456.blogspot.com
http://srilankaelle123456.wix.com/elle
http://Deepasikateam.blogspot.com
Other blogs For Sri Lanka elle
If you need Or ask anything for my elle web Please Contact
S Jude Silva, No 56 B ,Thibbotugoda,Ganemulla ...Mobile Number 0718669451(+94718669451) or Facebook
We are planing to publish all details of Sri Lanka Elle Photos videos and every details . If you like to visit and checked throught this page you might be able to see undermentioned Elle details select and click it
අප අදහස් කරනවා Sri Lanka Elle ඡායාරැප video පට හා පැරණි විස්තර ඇතුලු එල්ලේ කීඩාවට අදාල වන සෑම විස්තරයක්ම හි පලකරන්නට ඔබට පුලුවන් බලන්න පහත සදහන් සියලුම විස්තර
ඔබන්න
02. Former Excellent Elle players.- පැරණි දක්ෂ කීඩකයින්
03. Sri Lanka Elle Teams.- එල්ලේ කණ්ඩායමි
04. Sri Lanka Ladies Elle Teams. කාන්තා එල්ෙල් කණ්ඩායම
09. Pepar published for Sri Lanka Elle. පුවත්පත්
14. Books,Boklet published for Elle. පොත්
16. All Other detais of Elle-වෙනත් තොතුරැ
. .අන්තර්ජාලයට .ශී ලංකා එල්ලේ ක්‍රීඩාව සදහා පලමුව Blogs මගින් විස්තර එක්කල මා .. එල්ලේ ක්‍රීඩාව තව තවත් ඉදිරියට රැගෙක යාම සදහා මා ගන්නා එක් උත්සාහයක් පමණි.......... ගල් මුල් සහ විවේචනයන් සතුටින් භාරගනිමි . සංස්කරණය කරමින් පවතී, මුල් පිටුවට>>Home>>
No comments:
Post a Comment