Monday, February 17, 2014

ඩී පර්සි සිල්වා - රාගම බැසිලිකා

ඩී පර්සි සිල්වා
1945 ඹක්තෝම්බර් මස 10 වන දින එවකට එල්ලේ ක්‍රිඩාවට තෝතැන්නක් වූ රාගමදී උපත ලද ඩී පර්සි සිල්වා රාගම කතෝලික විදුහලෙන් මුලික අධ්‍යාපනය හදාරන ලදී.කුඩා අවදියේ එනම් වයස අවුරැදු 07 ත් 08 ත්  අතර කාලයේදී පටන් එල්ලේ ක්‍රිඩාවට යොමුවිමෙන් අනතුරැව පාසැල් එල්ලේ කණ්ඩායමට ක්‍රීඩාකිරිමට වරම් ලබාගන්නා ලදී.
      පාසැල් මට්ටමින් අන්තර් පාසැල් තරගමාලාවන් නියෝජනය කරමින් දක්ෂතා පෙන්නුම් කිරිමට සමත් විම මත එනම් වයස අවුරැදු 15 දී  1960 ප්‍රභල එල්ලේ කණ්ඩායමක් වු හාලික්වින්ග්ස් කණ්ඩායමේ සාමාජිකත්වය ලැබීමට තරම් වාසනාවන්ත වුයේ ඹහුගේ එම දක්ෂතා නිසාය. එවකට එම කණ්ඩායමේ සාමාජිකත්වය ලබා ක්‍රිඩාකයෙකු වශයෙන් ස්ථානයක් ලබා ගැනිමත් මහත් දුෂ්කර කටයුත්තක් වුවද මොහුගේ දක්ෂතා මත එම කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් සෑම තරගයකදීම දක්ෂ්කම් දක්වන ලදී.
හාලිකිංස්
          එවකට කණ්ඩායමේ නායකයා වශයෙන් වෝල්ටර් සිල්වා කටයුතු කල අතර සෙසු ක්‍රිඩකයින් වූයේ (ඡායාරැපයේ වමේ සිට දකුණට)සනී හියුබට් සොයිසා,ඩි පර්සි සිල්වා,බෙනඩික් පෝල්,සීමන් සිල්වා,වෝල්ටර් සිල්වා(නායක)මයිකල් වැන්සස්,බෙනඩික් සොයිසා,සිසිල් සිල්වා,කැමිලස් සිත්වා,මිල්ටන් සිල්වා,ලයනල් පෙරේරා(ලංකාවේ ප්‍රථම එල්ලේ සුරයා)ස්ටොප් සිල්වා,බ්‍රර්නාඩ් සිල්වා,පෙඩ්රික් මෙන්ඩිස්,සබියෙල් ප්‍රනාන්දු,කැමිලස් ඇන්ටනි යන අයවලුන්ය.
          හාලික්වින්ග්ස් යන මෙම ක්‍රීඩා සමාජය පසුව රාගම බැසිලිකා යන නමින් දිවයිනේ දක්ෂ එල්ලේ කණ්ඩායමක් වශයෙන් 1990 දශකය දක්වාද එල්ලේ ක්‍රිඩාවේ රැදි සිටින ලදී.
  


ඩී පර්සි සිල්වා - 1970

 


ඩී පර්සි සිල්වා - 2014
             ශ්‍රී ලංකාවේ ප්‍රථම එල්ලේ තරග මාලාවටද සහභාගි වී ඇති මෙම ක්‍රීඩකයා එම තරගයේදිද දක්ෂ ක්‍රීඩකයෙකු වශයෙන් තම දක්ෂ්කම් එල්ලේ නරඹන්නන් හට පෙල්වන ලද අතර එම තරගය සංවිධානය කර ඇත්තේ රෙජී රොද්රිගෝ මහතා විසිනි.තරගය පවත්වා ඇත්තේ කදාන මැසිනෝද් විදුහල් ක්‍රිඩා පිටියේ වන අතර එම තරගයේදී ලකුණු 12 ක් තම කණ්ඩායමට ලබා දෙමින් වාර්ථාවක් තැබීමට හැකියාවක් ලැබි ඇත්තේ මෙම ක්‍රීඩකයාගේ දක්ෂතා මතය.
            එසේම ප්‍රථම ගම්බද හා නගරබද තරගය නියෝජනය කරමින් ද ,බස්නාහිර පලාත් කණ්ඩායමද ,ලින්ටන් ඒකාබද්ද ක්‍රිඩා සමාජයටද ජා - ඇල ඒකාබද්ද ක්‍රිඩා සමාජයටද ,එල්ලෙ සම්මේලනය මගින් ප්‍රථම වරට පවත්වන ලද ජාතික ශුරතා තරග මාලාවේ අවසන් මහා තරගයට රාගම බැසිලිකා පිල නියෝජනය කරමින් ක්‍රිඩා කිරිමටත්.සුදුසුකම් ලබාගත් අතර එවකට එල්ලේ ක්‍රිඩාවට ඉතාමත් ජනප්‍රියතාවයක් ලැබි තිබු වකවානුවක් බැවින් මොවුන්ගේ අගයද ඉතා ඉහල මට්ටමක විය.
               1965 - 1970 දක්වා ශ්‍රි ලංකා යුධ හමුදාවට බැදි ස්වේඡ්චා ඒකකයට බැදී සේවය කලද පසුව ඉන් ඉවත් වි නැවතත් එල්ලේ ක්‍රිඩාවට යොමු වි ඇත.මෙම ක්‍රීඩකයා එල්ලේ නරඹන්නන් අතර රාගම පර්සි වශයෙන් ජනප්‍රියතාවයට පත්වී සිටි අතර කුඩා එල්ලේ ක්‍රිඩකයින්ද මොහු අනුගමනය කරමින් රාගම පර්සි යනුවෙන් හදුන්වමින් එල්ලේ ක්‍රිඩාවේ යෙදි ඇත.
           මොහු පන්දුවට පහර එල්ල කරම්න් ලකුණු 16 ක් එක ඉනිමකදී ලබා ගැනිම ඔහුගේ වැඩිම ලකුණු ලබා ගැනිම වන අතර ලකුණු 12ක් එක් ඉනිමකදි ලබාගත් වාරයන් එකක්ද තම එල්ලේ තරග කාල සිමාවේදි සටහන් කිරිමට තරම් දක්ෂයෙකු වි ඇත.පන්දුවට පහර එල්ල කිරිම මෙන්ම ධාවනයෙන්ද ,පන්දු රැකිමෙන්ද දක්ෂතා පෙන්නුම් කර ඇති තුන් ඉරියව් ක්‍රිඩකයෙකු වශයෙන්ද නම් දරා ඇත.




















ඩී පර්සි සිල්වා විසින් එල්ලේ ක්‍රීඩාව වෙනුවෙන් දිනාගන්නා ලද සහතික පත්
 
 
 
 
 
 




.....Submit Your Team or Elle tournament  Details....Contact S Jude Silva.... 
Tel:- 0718669451

 SRI LANKA ELLE VIDEO  එල්ලේ ක්‍රීඩා  වීඩියෝපථ නරඹන්න SEARCH බලන්න       

     එල්ලේ ක්‍රිඩාවේ පැවති  එක් එක් තරගයන් විඩියෝ පථයක් මගින් ඔබට නැරඹිමට අවශ්ථාවක් මෙය තුලින් ලබා දි ඇත.
මුල් පිටුවට>>Home>>
                                                                           

No comments:

Post a Comment